Share us

Friday, September 21, 2012

සිළු උකුස්සා

සෙ.මී 40ක් පමණ වේ, ( ගැහැණු සතා ලොකුය )


වලිගයේ මුල කොටස දක්වා පියාපත් අගිසි දිගින් යුතුය, පාදයට ඉහලින් කලව ( කෙණ්ඩ ) ප්රදේශයේ කළු මිශ් තද දුඹුරු පැහැ වයිරම් තදින් වැටී ඇති කුඩා පුලුන් වන් පිහාටු වලින් යුක්තය,,.
පිරිමි කුරුල්ලාගේ පිට කය තද දුඹුරු පැහැති , යටි කය සුදු පැහැතිය, තද පාට උගුරු පළලකි, පපු කොටසේ කැඩිරි සහිතය, උදරය කොටසේ සුදු පසුබිමේ රතුවන් දුඹුරු පැහැ වයිරම් සහිතය. හිස කොටස අළු පැහැති වන අතර හිසේ සිළුව කොටසද අළු පැහැතිය. පිරිමි සතා හා සැසඳීමේදී ගැහැණු සතා ප්රමාණයෙන් විශාල වන අතර හිස පිරිමි සතාට වඩා තද දුඹුරු පැහැයක් ගනියි.

නැහැඹි (පැටවුන්) සතුන්ගේ පිට කය දුඹුරු වන අතර යටි කයේ වැඩි සුදක් ඇති රතුවන් දුඹුරු කැඩිරි ඇත.
කුරුල්ලාගේ ඉරියව් බොහෝ දුරට ගෙහුරු පරෙවියාට සමාන වේ. ගස් මට්ටමෙන් හා ගස් අතර පියාසලයි,,.ඉහල අහසේ පියාසැරීම එතරම් ප්රිය නොකරයි.
 අඩ ලෙස සැකසුණු විවෘත කූඩුවක් විශාල ගස් මත සාදයි,කූඩුවේ ඇතුලත කොළ අතුරා ඇත. සුවැදි සමය පෙබරවාරි සිට ජූලි දක්වා ඇත.තරමෙන් මි.මී 51 x 36 ක් වූ කොළවන් සුදු හෝ නිල් වන් බිත්තර දෙකක් දමයි.දැක ගැනීමට අපහසු දුර්ලභ පක්ෂියෙකි.

 source -siri laka kurullo


No comments:

Post a Comment