Share us

Friday, September 21, 2012

සිළු උකුස්සා

සෙ.මී 40ක් පමණ වේ, ( ගැහැණු සතා ලොකුය )


වලිගයේ මුල කොටස දක්වා පියාපත් අගිසි දිගින් යුතුය, පාදයට ඉහලින් කලව ( කෙණ්ඩ ) ප්‍රදේශයේ කළු මිශ්‍ර තද දුඹුරු පැහැ වයිරම් තදින් වැටී ඇති කුඩා පුලුන් වන් පිහාටු වලින් යුක්තය,,.
පිරිමි කුරුල්ලාගේ පිට කය තද දුඹුරු පැහැති ය, යටි කය සුදු පැහැතිය, තද පාට උගුරු පළලකි, පපු කොටසේ කැඩිරි සහිතය, උදරය කොටසේ සුදු පසුබිමේ රතුවන් දුඹුරු පැහැ වයිරම් සහිතය. හිස කොටස අළු පැහැති වන අතර හිසේ සිළුව කොටසද අළු පැහැතිය. පිරිමි සතා හා සැසඳීමේදී ගැහැණු සතා ප්‍රමාණයෙන් විශාල වන අතර හිස පිරිමි සතාට වඩා තද දුඹුරු පැහැයක් ගනියි.

නැහැඹි (පැටවුන්) සතුන්ගේ පිට කය දුඹුරු වන අතර යටි කයේ වැඩි සුදක් ඇති රතුවන් දුඹුරු කැඩිරි ඇත.
කුරුල්ලාගේ ඉරියව් බොහෝ දුරට ගෙහුරු පරෙවියාට සමාන වේ. ගස් මට්ටමෙන් හා ගස් අතර පියාසලයි,,.ඉහල අහසේ පියාසැරීම එතරම් ප්‍රිය නොකරයි.
 අඩ ලෙස සැකසුණු විවෘත කූඩුවක් විශාල ගස් මත සාදයි,කූඩුවේ ඇතුලත කොළ අතුරා ඇත. සුවැදි සමය පෙබරවාරි සිට ජූලි දක්වා ඇත.තරමෙන් මි.මී 51 x 36 ක් වූ කොළවන් සුදු හෝ නිල් වන් බිත්තර දෙකක් දමයි.දැක ගැනීමට අපහසු දුර්ලභ පක්ෂියෙකි.

 source -siri laka kurullo


Thursday, September 20, 2012

Android -ඇන්ඩ්‍රොයිඩ්


දැනට ලොව වැඩිම ඉල්ලුමක් ඇති ජOගම දුරකථන මෙහෙයුම් පද්ධතිය ලෙස සලකන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි. ලොව පුරා භාවිතා වන ජOගම දුරකථන වලට අමතරව ටැබ්ලට් පරිගනක, නෝට් බුක් පරිගනක, ඊ බුක් රීඩර් උපාOග හා රූපවාහිනී වැනි විද්‍යුත් උපාOග බොහෝමයක භාවිත වන ,භාවිතයට වැඩි ඉල්ලුම ඇති මෙහෙයුම් පද්ධතියද ඇන්ඩ්‍රොයිඩ් ය. එය සOඛ්‍යාත්මක වශයෙන් ගත් විට දැනට ලොව පුරා ක්‍රියාත්මක වන ඇන්ඩ්‍රොයිඩ් උපාOග සOඛ්‍යාව මිලියන 300කට ආසන්න ය.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මෑත කාලය තුල අනෙක් මෙහෙයුම් පද්ධති අභිබවා මෙතරම් ජනප්‍රියත්වයට පත් වීමට කරුණු කීපයක්ම බල පෑය. ගූගල් සමගම විසින් ඇන්ඩ්‍රොයිඩ් නොමිලේ ලබා දීම හා කේත සටහන් ප්‍රසිද්ධ කිරීම එක් හේතුවකි. නොමිලේ බෙදාහැරියත් අනෙක් මෙහෙයුම් පද්ධති සමග කරට කර සිටිය හැකි අOග සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් වීමත් , අමතර සේවා ලබාගැනීමට ඇති පහසුවත් මේ ජනප්‍රියත්වයට කෙලින්ම බලපායි.
 
උදාහරණයකට ඇප්ස් සේවාව සැලකිය හැක, ඇපල්, වින්ඩෝස්, සිම්බියන් ඇතුලු වෙනත් මෙහෙයුම් පද්ධතියක් සඳහා ඇප්ස් හෝ වෙනත් සේවා ලබාගැනීමට යම්කිසි මුදලක් අයකරයි, නොමිලයේ සේවා තිබුනත් ඒවා මිල ගෙවා ගන්නා ඇප්ස් එක්ක සැසඳීමේදී බොහෝවිට ගුනාත්මක භාවයෙන් අඩුය,,එහෙත් ඇන්ඩ්‍රොඉඩ් තුල මෙමෙ තත්වය බොහෝ සෙයින් අඩුය, නොමිලයේ ලබාදෙන ඇප්ස් උවද මනා ගුනාත්මකතාවයකින් යුතුය..





ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ගූගල් සමාගම ගැනීමට පෙර  2001දී මෙය ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කලේ ඇමෙරිකන් ජාතික ඇන්ඩි රූබින්, රිච් මයිනර්, නික් හියර්ස් හා ක්‍රිස් වයිට් යන මෘදුකාOග ශිල්පීන් විසිනි. ඒ අනුව ඔව්න් 2003 වසර වන විට මෙම ව්‍යාපෘතිය ඇන්ඩ්‍රොයිඩ් ඉන්කෝර්පරේෂන්  නමින් ආයතනයක් බවට පත් වේ..එහෙත් ඇන්ඩ්‍රොයිඩ් ඉන්කෝර්පරේෂන් ආයතනය සිතූ තරම් සාර්ථක නොවීය, වැඩි කලක් යන්නට ප්‍රථම යම් යම් හේතු නිසා එම ආයතනය බOකොලොත් විය, ඒ අතර ගූගල් ආයතනය මෙම බOකොලොත් ආයතනය මිලදී ගැනීමට ඉදිරිපත් විය. ඒ අනුව එහි කාර්යමණ්ඩලය හා අයතනය 2005 දී ගූගල් ආයතනය විසින් මිලදීගෙන  එහි නාමය  ගූගල් ඇන්ඩ්‍රොයිඩ් ලෙස වෙනස් කලේ ය. කෙසේ උවත් පලමු ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් ගූග්ලෙ අයතනය විසින් නිම කලේ 2007 වසරේදී ය.ඒ අනුව ඇන්ඩ්‍රොයිඩ් 1.0 පලමු සOස්කරණය විය, එච්.ටී.සී ඩ්‍රීම් නමැති ජOගම දුරකතනය මෙම සOස්කරණය ආ පලමු උපාOගය විය.මෙය 2008,සැප්තැම්බර්.23 දින පලමුව එලියට ආයේ ය. ඉන් පසුව පැමිණි සOස්කරණයන් ආකර්ශණීය නාමයන්ගෙන් යුක්ත විය.

  • Android 1.0     - _____________________________   - 2008  -September  -23
  • Android 1.5     - CUPCAKE                                          - 2009  -April            -30
  • Android 1.6     - DONUT                                               - 2009  -September  -15
  • Android 2.0     - ÉCLAIR                                              - 2009  -October      -26
  • Android 2.2     - FROYO                                               - 2010  -May            -20
  • Android 2.3     - GINGERBREAD                               - 2010  -December   -06
  • Android 3.0     - HONEYCOMB                                  - 2011  -February     -22
  • Android 4.0     - ICECREAM SANDWICH                - 2011  -October      -19
  • Android 4.1     - JELEYBEAN                                      - 2012  -July             -09      
 

 
අද ජOගම උපාOග ලොව තුල 45%කට ආසන්න ඒකාධිකාරියක් තනා ගැනීමට ඇන්ඩ්‍රොයිඩ් යන නාමය සමත්ව ඇත. 2015 වසර වන විට මෙම ප්‍රතිශතය 50%-60% අතර ප්‍රමාණයක් වනු ඇතැයි විශ්ලේෂකයින් පවසයි.