මෙතෙක් කතාව...
ලසදා
ගමට පැමිණි පැණි බීම කරත්තකාරයා සමග තම නිවසට සහ ගමට පිටු පා යද්දී
සිරිමෙවන් කිසිත් නොකර බලා සිටී. හෙතෙම තම දරු පැටියා සමග දවස ගෙවා ගෙන මහ
වනයට වැද මී පැණි එකතු කරයි. ලසදා සමග ගෙවූ වෙහෙසකර පළමු සහ එකම රැය සිහි
ගන්වමින්, පිළිකුල් කරමින් සිටින සිරිමෙවන් මහ වනය මැද දී නැවතත්
වැලහින්නකගේ තාඩන පීඩනවලට හසුවන්නේ ලසදාගේ පළමු රැයට වඩා තම දිවිය කිලිටි
කරවමිනි. සියල්ල විද දරා පොල්කට්ටෙන් බිංකුන්ඩන් වසන්නාක් මෙන් හබරල
කොළයකින් "නැට්ට" වසාගෙන නැවත ගෙදරට එන සිරිමෙවන්ට තම පුතු පවා තට්ටු
කරන්නේ හබරල කෙළයටමය. ලැජ්ජාව සහ තරහව එක්කොට ගත් සිරිමෙවන් පුතුට බැන
වදී....
අද එතැන් සිට....
පුතු එවිට බැලුවේ අම්මාගේ මුහුණය.
කෝපය මුසු නොවූ බිය මුසු වදනින්
සිරිමෙවන් කෑගැසූ කල පුතු පැන්නේ තම පියා සිරිමෙවන් ලගටය. දෙදෙනා බදාගෙන
වැලහින්න දෙස බලා සිටියදී වැලහින්නද නොසැලී ගල් කුලක් මෙන් පිය පුතු දෙදෙන
දෙස බලා සිටින්නීය. නෙත් හතරක් තමා මත එල්ල වී තිබුණ මොහොතින් පසු වැලහින්න
බිම අතුරා තිබූ පැදුර ඇද පැත්තකට දමා බිම වැතිරුණාය.
පුතු බැලුවේ පියා දිහාය.
"ඇත්තමයි තාත්තේ මම හිතුවේ අපෙ අම්ම කියලා.. මම කුස්සියේ දොර ලගට ගිහින් අතින් අල්ලගත්තම මගේ ඔළුව අතගෑවා.." සිරිමෙවන්ගේ පුතු මිමිණුවේ එදා තමාට බැන්න ආකාරයද සිහිපත් කරවමිනි.
"බොට විතරක් නෙවේ කොලුවෝ එදා මහ කැලේදි මේ වැලහින්න මාව බිම පෙරලගත්ත වෙලාවෙත් මට හිතුනේ මේ තොගෙ අම්ම වගේ එකියක් කියලම තමා..."
මඩපාත සොරොව්ව ගම්වාසීන්ට ඔලොක්කු
කරමින් වාන් දමන කළදී ගම්වාසීහුද නොසැලී සිටිත්. එහෙත් මහ වනයක් මැද තමා
පෙරලාගෙන සද්දන්ත වැලහින්නක් රතියේ වෙලෙද්දී මලා සේ බලා සිටි සිරිමෙවන්ට
ලසදා කළ හරිය හොද යැයි සිතේ. ලසදා පැණි බීමකාරයා සමග යාම තිරිසන් වැඩක් සේ
හැගුනත් වැලහින්නක් වැනි තිරිසන් සතෙකු තමාට කළ බලහත්කාරකම මඩපාත සොරොව්ව
ඉතිරී ගිය කළක් මෙන් සිරිමෙවන්ට හැගේ.
වෙනදාට අමුඩ ලේන්සුවෙන් විලි
වසාගත් තම පියා එදින සවස හබරල කොලයකින් වසාගත් විලියෙන් මිදුලේ සිටියදී,
වෙනදා තම පියා තමාට ගෙනෙන මාදං මිටක් යැයි සැක කොට කුට්ටමට තට්ටු කර බැනුම්
ඇසූ සැටි සිරිමෙවන්ගේ පුතුගේ කන පුරා දෝංකාර දෙන්නේය. ගෙදර වැසිකිලි වල
කපන කාලයේ තමාද එහි බැසගෙන පියාට අත් උදව් දුන්නා පුතුට මතකය. වල තුල
සිටියදී තමා කෑ ගසන හඩ නැවත නැවත දෝංකාර දී ඇසුනා සේ, තම පියා කවදාවත්
නැතිව තමාට කළ තර්ජනය පුතුගේ කන් බෙරය තුල ප්‍රතිරාව දෙන්නට විය. එලා ගත්
පැදුරේ දිගාවී පැත්තට හැරී මුහුනට අතක් තබා දෑස් පියා ගත්තට පුතුට නින්දක්
නැත්තේමය.
ලසදා ගෙදර ඉන්න කාලයේ ගෙදර ඉදෙන
හොද්දට ලුණු ඇඹුල් මදි වූ කළ සිරිමෙවන් එලියට බැස සියඹලා අතු සොලවන්නේය.
එවිට සියඹලා කරල් සට පට ගා බිම පතිත වන්නා සේම, සිරිමෙවන් හදවත වෙනදාට වඩා
චංචලය. සට පට ගා සැලෙන්නේය. පුතු නින්ද නැතිව පැදුරේ තැවෙන කල්හි සිරිමෙවන්
ද පැදුරේ සිටින්නේ තමාට වූ බලහත්කාරකම තමා හදුනන කැලෑවේ ගස් ගල් දැක සිටි
නිසාමය. ලසදා හැරයාම ගමම දැනගත්තාට වඩා වැලහින්නගේ අතවරයට ලක්වීම කැලෑවේ
ඇති ගස් ගල් දැකීම සිරිමෙවන්ට මහා නින්දාවකි. රබර් වත්තක වියලුන කොළ අතරින්
ඇදෙන සර්ප පැටියෙකු මෙන් සිහින් හඩ නංවමින් කළබලයෙන් සිත එහේ මෙහේ
ඇවිදින්නේය. හිත අහලකවත් නින්ද නැත්තේමය. කාටවත් කරදර නැතිව මී වදයක්
කඩාගෙන එදා වේල සරි කරගත් සිරි මෙවන්ට කැලැවේ ගස් ගල් පවා හෙට සිට ඔච්චම්
කරනවා ඇත. එවන් කලෙක සිත සනසා නිදනු නොහැක්කේමය.
"ඩඩස්..."
කුස්සියේ දොරත්, කක්කුස්සියේ
දොරෙත් වෙනසක් නැති සිරිමෙවන්ගේ නිවසේ දොර පැත්තෙන් හඩක් නැගින. සිරිමෙවන්
කළබල නැතිව කන් දුන්නේය. කුස්සියේ දොර තනි ලෑලි පලුවකි. ඇරිය යුත්තේ ඔසවා
පැත්තකින් තැබීමෙන් පමනි. ගෙන යන්නට තරම් වටිනා දෙයක් ගෙදර නැත්තේමය. හිටපු
එකම වස්තුව පැණි බීම කරත්තකාරයා පටවාගෙන ගොස් හමාරය. ඒ නිසා කලබල විය
නැත්තේමය. සොරෙක් ඇතුල් වුයේ නම් සොරකමට කිසිවක් නැතැයි සිතා හැරී යනු ඇත.
නින්ද නැති සිරිමෙවන් නිසලව සිටියේය.
"තාත්තේ මෙන්න අම්මා ඇවිත්..."
සිරිමෙවන් වැතිර සිටියාට සද්දය
කුමක්දැයි විපරම් කොට බලා කෑගැසුවේ සිරිමෙවන්ගේ පුත්තරයාය. කළුවරේ සිටම
කෑගැසූ පුතු ගේ හඩ සිරිමෙවන්ව නැගිට වීමට තරම් බලවත් විය. දඩිස් ගා පැදුරේ
හිදගත් සිරිමෙවන් එකවරම නැගිට දිව ගියේ කුස්සියටය.
"මොකක් කිව්වා.. මේකිට මේ මහ රෑ යන්න තැන් නැතිවද??"
සිරිමෙවන් ඇසුවේ කෝපයෙන් වුවත් සැගවුන සතුටකිනි. දැන් තමාට ගමේ එකාලට
පේන්න ඇය සමග ඇවිද්ද හැක. කලින් තමා නොදුන් ආසාවල් ඉටුකර නියම ලෙස
දිවිගෙවිය හැක්කේමය. ලණුවක් ඇද ගැට ගසා, කද භාගෙට කපා ඇති පොල් ගසකට වැදුන
අවසන් පොරෝ පහරකින් ගස ක්ෂණිකව කඩා වැටෙන්නාක් මෙන් සිරිමෙවන්ගේ සිතට
ක්ෂණිකව අපමණ අදහස් ගලා එන්නට විය. පෙර වැරදි නිවැරදි කර ගැන්මේ පෙරනිමිති
පහල වන්නට විය.
සියළු සිතුවිලි සමග පෙර මගට යන
සිරිමෙවන් ඉදිරියට තම පුතු ආවේ අම්මාගේ අතින් අල්ලාගෙනය. සිරිමෙවන් දුටු
සැනින් ඇගේ ඇස් කැලෑව මැද මහ රාත්තිරියේ එලිය දෙන රෑබදුල්ලෙකු මෙන් එලිය
දෙන්නට විය. හීයක් විද්ද සැනින් සෙලවෙන දුන්නක නූලක් මෙන් සිරිමෙවන් ගැහෙන
හඩින් තම පුතු ඇමතීය.
"ඈ යකෝ තොට තොගෙ අම්මවයි කැලේ ඉන්න වැලහින්නකගෙයි වෙනස අදුන ගන්න බැරි එකෙක්ද??"
පුතු එවිට බැලුවේ අම්මාගේ මුහුණය.
පුතු බැලුවේ පියා දිහාය.
"ඇත්තමයි තාත්තේ මම හිතුවේ අපෙ අම්ම කියලා.. මම කුස්සියේ දොර ලගට ගිහින් අතින් අල්ලගත්තම මගේ ඔළුව අතගෑවා.." සිරිමෙවන්ගේ පුතු මිමිණුවේ එදා තමාට බැන්න ආකාරයද සිහිපත් කරවමිනි.
"බොට විතරක් නෙවේ කොලුවෝ එදා මහ කැලේදි මේ වැලහින්න මාව බිම පෙරලගත්ත වෙලාවෙත් මට හිතුනේ මේ තොගෙ අම්ම වගේ එකියක් කියලම තමා..."
*------* *------* *------* *------* *------* *------* *------* *------* *------* *------* *------* *------*
ඔරිජිනල් පොස්ටුවටයන්න මෙතන කොටන්න