Share us

Monday, March 18, 2013

BUX වලින් නියම විදිහට හම්බ කරමු

අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ ක්‍රම යන මාතෘකාව ඇසුණ සැණින් ඔබට සිහිවනු ඇත්තේ එක්තරා ප්‍රෝඩාකාරීන් පිරිසක් විසින් විශාල මුදල් ප්‍රමාණයක් ලබාගෙන කල මූල්‍ය වංචාව ය. එම සිදුවීමත් සමගම රටේ ජනතාව අන්තර්ජාල රැකියා පිළිඹඳ තබා තිබූ විස්වාසය පළුදු වූ බව දැකිය හැක. එමෙන්ම ආධුනිකයෙකු විසින් මෙම ක්ෂේත්‍රයට යොමු වීමට පෙර එක්වරක් ,දෙවරක් නොව කිහිපවරක්ම සිතා බලා යොමු වීමට තරම් උදාසීන විය. අද මා මාතෘකාවට ගන්නේ එම සිද්ධිය නොවේ,

"ඇඩ්ස්-ක්ලික් කිරීම" අපේ රටේ සැලකියයුතු පිරිසක් විසින් කරන එහෙත් ලාබ නොලබන එක අන්තර්ජාල රැකියා ක්‍රමවේදයකි, තවත් කෙනෙක්ට අන්තර්ජාල මිදල් සෙවීමේ ක්‍රම එපා කරවන විෂයකි. එහෙයින් ලොස් නොවී බක්ස්(ඇඩ්-ක්ලික්) නිසි ආකාරයෙන් කරන්නේ කෙසේදැයි බලමු..ඔබටත් මටත් පහසු වෙන ලෙස කතන විලාශයෙන් උපදෙස් මාලාව ආරම්භ කරමු.
බර ගනන් ඩිපොසිට් කරල බර ගනන් ලොස් වෙන්නෙ මොකටද>? ,බක්ස් වලින්ම ඔයාට ගොඩ යන්න පුලුවන්. මේ ක්‍රමය තනියම බුදු වෙන්න නෙවේ, තවත් කෙනෙක් ගොඩ දාන්නෙ නැතුව බක්ස් වලින් ගොඩ යන්න අමාරුයි. ඒක නිසා තවත් කෙනෙක් ගොඩ දාගෙන අපිත් ගොඩ යමු.

මෙහෙම කියවනකොට බක්ස් හෙවත් PTC (pay to click)ගැන නොදන්න අයට ගැටළුවක් එන්න පුලුවන් මොකද්ද මේ බක්ස් කියන්නෙ කියල, කමක් නෑ දන්නෙ නැත්තන් මම මගේ දැනුමෙ හැටියට කියල දෙන්නම් බක්ස් කියන්නෙ මොනවද?, කොහොමද බක්ස් වලින් හම්බ කරන්නෙ කියල.

ලංකාවෙ හෝ පිට රට හෝ වේවා, ඕනෑම තැනක සිට (අන්තර්ජාල සඹඳතාවයක් සහිත )මේකට යොමු වෙන්න පුලුවන්. ලොව විසිරී පවතින ව්‍යාපාර ජාල තම ව්‍යාපාර ප්‍රචාරය කරගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරනව. ඒ අතරින් වෙළඳ ප්‍රචාරක දැන්වීම් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඉතා පුළුල් වෙළඳ ප්‍රචාරක ජාලයකට  සම්බන්ධ වන ආයතන එයින් ඉතා ආකර්ශණීය ක්‍රම මගින් තම නිෂ්පාදන ජනතාව අතරට ගෙන යයි. ඒ පැත්තෙන් බැලුවොත් බක්ස් කියන්නෙ බොර දියේ මාලු බෑමක්, මෙතනදීත් මාළු හම්බවෙන්නෙ අපිට නෙවේ. මේ ක්‍රමයේදී අපි තමයි ඇම,,,, මේකෙන් වැඩි කොටසක් ලාභ ගන්නෙ බක්ස් සයිට් එක ,,අපිට දෙන්නෙ සොච්චම් ගානක් විතරයි. මේ ක්‍රියාවලිය වෙන්නෙ මෙහෙමයි , අපි හිතමු යම්කිසි ව්‍යාපාරිකයෙක් හෝ වෙබ් අඩවි හිමිකරුවෙක් හෝ ඕනෑම අයෙක් තමාට අවශ්‍ය දැන්වීම පල කිරීම සඳහා බක්ස් සයිට් එකකට ලබාදෙනව කියල ,එතකොට ඒ දැන්වීම අයිතිකරු බක්ස් සයිට් එකට ගෙවන්න ඕනේ,, එක ඇඩ් එකකට ගෙවන්න ඕන ගාන අපි හිතනවට වඩා ගොඩාක් වැඩි ගානක්. :) .ඉතින් මේ අය විශාල මුදලක් ලබාගෙන ගන්න දැන්වීම් බලන්න කෙනෙක් ඉන්නත් එපායැ  ,, ඔන්න එතනදි තමා අපි එන්ටර් වෙන්නෙ, අපි ගිහින් ඒ නොමිලේ ම සම්බන්ධ වෙන්න පුලුවන් සයිට්ස් වලට ගිහින් රෙජිස්ටර් වෙනව , ඊට පස්සෙ උන් දෙන ඇඩ් බලල එක ඇඩ් එකකට 0.01$ වගේ ගන්නව, මේ ගෙවීම් සයිට් එකෙන් සයිට් එකට වෙනස් වෙනව, සමහර සයිට් වලින් 0.05$ ගෙවන අවස්ථාත් තියෙනව. හැබයි අපිට සල්ලි දුන්න කියල සයිට් එකේ උන්ට දැනෙන්නෙවත් නැහැ. මොකද අපිට ගෙවන ගාන ඉතාමත් සුළු මුදලක් නිසා.
අනිත් සැලකියයුතු දේ තමා අන්තර්ජාලයේ තියෙනව බක්ස් සයිට්ස් එක ඇඩ් එකක් බලනවට ඉතා විශාල ගානක් දෙනව කියන....අපෝ ඒවා ගැනනම් 0% වත් විශ්වාස කරන්න බැහැ. මුදල් එකතු උන පසු එම සයිට්ස් විවිධ හේතු කියල සල්ලි දෙන එක මගාරිනව,..බක්ස් කෙරෙහි ජාත්‍යන්තර නීති මාලාවක් නොමැති නිසා මෙම ව්‍යාජ වෙබ් අඩවි තමන්ගේ ජාවාරම ජයටම කරගෙන යනව. ඉතින් මේවට රැවටෙන අපේ ඈයො අතිනුත් සල්ලි දාලා ඇඩ්ස් ක්ලික් කරල හොයාගන්න බැරි විදිහට ලොස් වෙනව,..පව් ඉතින් කාලයයි මහන්සියයි අපතෙ යනව විතරයි.

දැන් ඔයාලට හිතෙනව ඇති මේ තරම් අඩු මුදලක්නම් ගෙවන්නෙ ,අපි කොහොමද සාර්තකව මුදල් හොයන්නෙ කියල, දැන් කියල දෙන්න යන්නෙ ඒක ගැන තමා. පොඩ්ඩක් හිතන්න ඔයා බක්ස් වෙබ් අඩවි 5 රෙජිස්ටර් වෙලා ඉන්නව කියල, එතකොට මේ වෙබ් අඩවි පහම ඔයාට එක ඇඩ් එකකට 0.01$ දෙනව . එක වෙබ් එකක ඇඩ්ස් 10-14 අතර ප්‍රමාණයක් අපේක්ෂා කරන්න පුලුවන්. අපි උදාහරණයකට 12 ගනනෙ ගත්තත් 12*5=60 යි. පාඩු නෑනෙ වැඩේ,,,, එතකොට දවසකට රුපියල් 65ක් විතර සෙට් වෙනව, මාසෙ අන්තිමට රුපියල් 1850ක් විතර සෙට් වෙනව...ඉන්ටනෙට් බිල ගෙවාගන්නනම් ඇති නේද???  එහෙම කියල අල්ලල දාන්න පුලුවන්ද මෙව්ව.. :) ..මේ ගාන කොහොමහරි වැඩි කරගන්න අපි ට්‍රයි කරන්න ඔනේ. බක්ස් වලින් රුපියල් දහදාහක් ගේමක් නැතුව හම්බ කරන හැටි ඊළඟ ලිපියෙන්...දැනට මේ ඇති

මොකක් හරි අව්ලක් අවොත් mail එකක් දාන්න

No comments:

Post a Comment