Share us

Thursday, January 3, 2013

චූ.... දාන්න චූ... දාන්න

මම මේක ගත්තෙ එලකිරියෙන් ඒක නිසා මුලින්ම කියන්න ඕනෙ,,නැත්තන් මේක පණ දාගෙන ටයිප් කරපු එකාට අසාධාරණයක් වෙනව,.,.කොහොමහරි වැඩේ හොඳ වැඩක් නිසා දාන්න හිතුන ...ඉතින් මේකයි කථාව

නයිජීරියාවේ ජනගහනය මිලියන 162 කි. ඉන් බහුතරයකට විදුලිබලය නැත. මේ නිසා එරට විදුලිය සඳහා වන ඉල්ලුම ද අධිකය. මේ අධික ඉල්ලුමට පිළියමක් ලෙස පසුගියදා විදුලිය නිපදවීම සඳහා අපූරු අමුද්‍රව්‍යයක් සොයා ගනු ලැබුවේ එරට 14 හැවිරිදි පාසල් සිසුවියන් පිරිසක් විසිනි.

ඔවුනට අනුව මේ අලුත්ම අමුද්‍රව්‍ය මිනිස් මුත්‍රය. ඔවුන්ගේ සොයා ගැනීම අනුව ලීටරයක මිනිස් මුත්‍රවලින් පැය 6 කට සෑහෙන විදුලි බලයක් ජනනය කරගත හැකි වේ.

මේ දැරියන්ගේ ක්‍රමවේදය අනුව ප්‍රථමයෙන්ම මුත්‍රා විද්යුත් විච්ජේදක කෝෂයක් මඟින් නයිට්‍රජන්, ජලය සහ හයිඩ්‍රජන් ලෙස විච්ඡේදනය කර ගනී. එලෙස විච්ඡේදනය කරගත් හයිඩ්‍රජන් ජල පෙරණයක් හරහා ගොස් පිරිසුදු වෙයි. පිරිසුදු කරගත් හයිඩ්‍රජන් ගෑස් සිලින්ඩරයකට ඇතුළු කර එමඟින් ද්‍රවමය බොරැක්ස් සිලින්ඩරයකට ඇතුළු කෙරේ. එහිදී හයිඩ්‍රජන්වල ඇති තෙතමනය ඉවත් කෙරෙන අතර එලෙස පිරිසුදු කරගත් හයිඩ්‍රජන් විදුලි උත්පාදන යන්ත්‍රයට ඇතුළු කිරීමෙන් විදුලිය නිපදවා ගැනේ.

මුත්‍රා මඟින් විදුලිය නිපදවීමේ මේ ක්‍රමවේදය තවදුරටත් වැඩිදියුණු කරගත යුතු යැයි ඔව්හු පවසති. මේ සිසුවියෝ සිය නව සොයා ගැනීම පසුගියදා ලාගෝස් නුවර පැවැති නව සොයා ගැනීම් සඳහා වන පදනමකට ඉදිරිපත් කළහ.


hi hi වැඩේනම් ගොඩලු ,.,.උන්ට ගොඩාක් චූ කරන්නත් උනාලු,.,.අන්තිමේදි සතුටින් විසිර ගියාලු

2 comments:

  1. ඇයි ගව මුත්‍ර වලින් විදුලිය නිපදවන්න බැරිද? අපට වෙනම ගව පට්ටියක් ඇති කරන්න පුළුවනි මුත්‍රා ලබාගැනීමටම.

    මේකෙදි, අමුද්‍රව්‍යය වන මුත්‍රා නොමිලයේ ලබා ගන්න පුළුවන් වුනාට හයිඩ්‍රජන් විච්ඡේදනය කරගන්න සෑහෙන වියදමක් දරන්න වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. තාක්‍ෂණයේ දියුණුවත් සමග මිල අදික ක්‍රියාවලියක් වන හයිඩ්‍රජන් විච්ඡේදන ක්‍රියාවලිය උනත් පහසු ආකාරයට එයි කියල හිතන්න පුළුවන් , දැනට වාහන වලට පවා හයිඩ්‍රජන් විච්ඡේදන උපාංග නිපදවීමට විද්‍යාඥයින් උත්සාහ කරනවලු, එහෙම උනොත් ඔබ කියන පරිදි සත්ව අප- කොටස් ලබාගෙන ඒවා මගින් මේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න පුළුවන් වෙයි.

      Delete